අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න
 
අංකුර සමාජ ව්‍යවසායකයෙකුගේ ඉස්සන් ගොවිපොළ නිරීක්ෂණය

අංකුර සමාජ ව්‍යවසායකයෙකුගේ ඉස්සන් ගොවිපොළ නිරීක්ෂණය ප්‍රාදේශීය ලේකම් තුමා සමගින් 2020/07/16 දින සිදු කෙරිණි.අප කොට්ඨාසයේ ඉස්සන් ගොවිපොළ 273ක් වන අතර වගාකරුවන් 240ක් වේ.කුඩා වෛරන්කට්ටුව චමින්ද මහතාගේ ගොවිපොළේ අස්වනු නෙලීම සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කරන ලදී.

64

ඉස්සන් වගාව වෙනමම සංස්කෘතියකි.අස්වනු නෙලීම සවස් කාලයේ ඉර බැස යන මොහොතේ ආරම්භ කරන අතර අනෙකුත් කාර්යයන් ඒ අතරතුර මනාව කළමනාකරණය වන්නේ ඉතාමත් කාර්යක්ෂම ලෙසය.පොකුණු වටා ගමන් කරන විට කුඹුරක නියර වටේ ගමන් කරන්නක් වැනිය.කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ‘අත්තම’මතක් වීමද තවත් සුවිශේෂී කරුණකි.එතරම් සහයෝගයක් ලැබෙන බව නිරීක්ෂණය වුයේ ගොවිපොළ හිමිකරුවාට අනෙක් අයගෙන් ලැබෙන සහයෝගය තුලිනි.වී වගාවේ ‘කුරුළු පාළුව’සිහියට නගමින් යාබද ඇල මාර්ගයේ මාළු සහ ඉස්සන් ඇති වීමට ඉඩ හැරීමෙන් නැති බැරි අයවළුන් සහ සතුන් සඳහා ආහාර ලෙස ගැනීමට අවස්ථාවක් හිමි වේ.මෙමගින් වගාව ආරක්ෂා වන බවත් පරිසර හිතකාමී බවත් ගොවිපොළ වටා ඇති කඩොලාන පරිසරයෙන් මොනවට පැහැදිලි වේ. ‘තේ රස බලන්නෙක්’මතක් කර දුන්නේ ඉස්සන්ගේ සුවඳ,පැහැය සහ ඇල්ගී ආදිය පරීක්ෂා කරන අයුරිනි.එය පුරුදු පුහුණුවෙන් කරන කාර්යක් බව පැහැදිලි විය.

3

පොකුණු වටේ ඇවිද යාමේදී සිරුරේ නිරෝගී බවට හේතු වන බව ගොවිපොළ හිමිකරු පවසයි.කොට්ඨාසයේ අවට ජනතාවට රැකියා අවස්ථා ලබා දෙමින් සහයෝගයෙන් කටයුතු කරගෙන යන අතර ‘චමින්ද අයියා’යන නමින් සමාජ බැදීමක් ගොඩ නගාගෙන ඇත.

තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වුයේ ගොවිපොළ ආශ්‍රිතව කඩොලාන පැල සිටුවා ඇති බවත් ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර කලාපයක් බවත්ය. ‘පරිසරය විනාශ කරගෙන මෙම ව්‍යාපාරය කළ නොහැකි’ගොවිපොළේ අයිතිකරු විසින් පවසන ලදී.ඔහු ඒ සඳහා බැදීමක් ඇති කරගෙන ඇති බව ගොවිපොළ දෙස බලන කා හටත් පැහැදිලි වේ.එය අනෙක් වගා කරුවන්ටත් මහඟු ආදර්ශයකි.

72

භූමිය ඵලදායි ලෙස භාවිතා කරමින් පරිසර සංරක්ෂණය කරමින් ජලජ සම්පත තුලින් විදේශ විනිමය ඉපයීම සඳහා ඔහු ගන්නා මෙම වෑයමට සමගාමී වන ආයතන,දෙපාර්තමේන්තු සහ විශ්වවිද්‍යාල දායක විය යුතුය.

පැටවුන් තැන්පත් කිරීමේ පටන් අස්වනු නෙලීම දක්වා කරනු ලබන කැපවීමත් බදු මුදල් ගෙවමින් තිරසාර සංවර්ධනය සමග බැදී පැවතීම ඉතා වැදගත් වේ.

isso

 

 

මැතිවරණ භාවිතය සඳහා

 

පුත්තලම් දිස්ත්‍රික් අංකය - 13

පළාත් අංකය - අරච්චිකට්ටු - 1304

 

YOUTH Parliment Election 2020

 

  • Please Registratin before 20th of February 2020 mid night 12.00

 

  • You are eligible (15 to 29)

 

  • Election will held on 22nd of February 2020 yours DS division.

 

 

Thank you.

 

ප්‍රදාන මාර්ගය දෙපස පිරිසිදුකිරීමේ වැඩසටහන

( Cleaning of sides of main road from Battulu Oya to Deduru Oya in parallel to 72 Independence Day celebrations )

1

 

45

 

7

2

 

68

 

 

 

!!!!! Thank you Who supported to this successfull event !!!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පුවත් සහ සිදුවීම්

21
සැප්2023
වැඩි හිටි

වැඩි හිටි

2023/09/19 මුන්දලම හා ආරච්චිකට්ටුව වැඩිහිටි බල මණ්ඩල...

11
ඔක්2022
Kadala Dansala

Kadala Dansala

 Posan Maha Dansala 2023.06.02

23
මැයි2022
වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනාව..

වෙසක් පොහොය නිමිත්තෙන් 2022.05.19 දින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය...

15
දෙසැ2021
E-ග්‍රාම නිලධාරි වැඩසටහන  2021.12.11 & 2021.12.

E-ග්‍රාම නිලධාරි වැඩසටහන 2021.12.11 & 2021.12.

e - ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය යටතේ පුරවැසි...

Scroll To Top