ආපදා කළමනාකරණය

ආරව්විකට්ටුව විජයකටුපොත වැව හා මහමාඑලිය වැව මේ වන විට වාන් දමමින් පවතී. ඒ හේතුවෙන් එම වැව් යටතේ වන මහමාඑලිය හා බෝගමුව හා විජයකටුපොත යන කුඹුරු යායවල අක්කර 300 ක් පමණ ජලයෙන් යටවී පවතී.
ජලය බැසයාම කඩිනම් කිරීම සඳහා පහිනි එබ ජලජ ශාක ඉවත් කිරීම අද දින ආරව්විකට්ටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්රික් ආපදාකළමනාකරණ ඒකකයේ හා ඒකාබද්ධ ගොව් සංවිධානයේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.















