අපගේ දැක්ම
හොදම දේ ආරච්චිකට්ටුවෙන් ......
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූල වෙමින් සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහභාගීත්වයෙන් කාර්යක්ෂම, තිරසාර සහ සැලසුම් සහගත ක්‍රියාවලියක් තුළින් දේශයේ ජන ජීවිතය නංවාලීම .
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 12 වන සියවස දක්වා ඈතකට දිව යයි. මුල්ම ජනාවාස පැරණි ජඣ්ජර නදිය හෙවත් දැදුරු ඔය ආශ්‍රිතව සිදු වූ බවත් ඉන්පසු රතඹලා ඔය ,සෙංගල්ඔය ආශ්‍රිව වාරිමාර්ග හා කෘෂිකාර්මික අංශයේ වර්ධනය සිදු වූ බවත් වංශ කතාවල සඳහන් වේ . මහා පරාක්‍රමබාහු රජු හා සම්බන්ධ වංශ කතා ඉතිහාසයක් මෙම ප්‍රෙද්ශයේ ඓතිහාසික තොරතුරු විමසන විට විශේෂයෙන් සඳහන් වේ. සිංහල , දෙමළ යන දෙවර්ගයේම ජාතීන් මෙහි වාසය කළ බව සඳහන් වේ.
1917 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මහ දිසාපතිව සිටි පුංචිහේවා මහතාගේ කාලසීමාව තුළ මෙම කාර්යාලය ස්ථාපනය කරන ලද අතර මෙම ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරියෙක් වූ බෙනඩික් මහතාගේ නිවස කුලි පදනම මත ලබාගෙන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස ස්ථාපනය විය. මෙම මුල් කාර්යාලයේ ප්‍රධානියා වූයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී (DRO) ජෝන් පෙරේරා මහතාය. එවිට කාර්යාලයේ ආරම්භක සේවක සංඛ්‍යාව 05 දෙනෙකි.
අනතුරුව කුලී නිවස තුළ පවත්වාගෙන ගිය කාර්යාලය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට තිබූ කඩපේලියේ කඩ කාමරයකට රැගෙනවිත් නැවත ස්ථාපනය කරන ලදි.
දැන් තිබෙන කාර්යාලය පිහිටා ඇති ඉඩම මුලින්ම තේක්ක වැවූ රජයේ ඉඩමකි. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ හිටපු පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්‍ත්‍රී නැසීගිය එස්.ඩී.ආර්.ජයරත්න මහතා විසින් මෙම ඉඩම තුළ 1964 දී මුල්ගල් තබා ඉදිකරන ලද මෙම කාර්යාලයේ ඉදිරිපස වූ මුල් ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ 1992 වර්ෂයේදීය.
මේ වන විට දර්ශනීය තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ අවසන්ව ඇත. මේ තත්ත්වය දක්වා මෙම කාර්යාලයේ සේවයේ යෙදුණු නිලධාරින් ඉතා දුෂ්කරතාවයන් හා අවම පහසුකම් යටතේ කොට්ඨාසයේ සංවර්ධනය සඳහා සිය රාජකාරි කටයුුතු වල නිරත වූහ.


















